විශේෂ නිපුණතා සහිත ජපන් රැකියා වැඩසටහනෙහි (SSW) පහත සඳහන් රැකියා කේෂ්ත්‍ර සඳහා 2022 වර්ෂයේ මුල් කාර්තුවේ කුසලතා පරීක්ෂණ පැවැත්වීමට යෝජිතව ඇත.
සාත්තු සේවා(Care Worker)
ආහාර පාන සේවා නිෂ්පාදන කර්මාන්ත (Food Service Industry)

ඒ සඳහා විශේෂ නිපුණතා සහිත ජපන් රැකියා වැඩසටහන (SSW) සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබා සිටින සහ මේ සඳහා උනන්දුවක් දක්වන පිරිසට දැනුවත් කිරීමේ වැඩ සටහනක් මාර්ගගත ක්‍රමවේදය (Zoom තාක්ෂණ ) ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇත.

එම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමට ඔබත් උනන්දුවක් දක්වන්නේ නම් , පහත අයදුම්පත සම්පුර්ණ කර අප වෙත තොරතුරු ලබා දෙන්න.

අයදුම්පත පුරවන්න

වැඩි විස්තර ලබා ගන්න